ඥානසාර හිමිට නිදහස ඉල්ලන සත්යග්රහය අද 09 වන දිනටත් : සටන අත්නොහරින බව උලපනේ හිමි කියයි

நிர்வாக புலனாய்வு சுருக்கம்
සිරදඬුවම් නියම වී සිටින බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේ පිරිසක් කොළඹ විහාර මහාදේවි උද්යානයේ ආරම්භ කළ සත්යග්රහය අද (24) ක්රියාත්මක වන්නේ 9 වන දිනටයි.මේ අතර, විහාර මහා දේවි උද්යානයේ සත්යග්රහයේ නිරත භික්ෂූන් වහන්සේලාට එම ස්ථානයෙන් ඉවත් වන ලෙස දුන් ආඥාව වෙනස් කළ නොහැකි බව කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංක එස්. බෝදරගම ඊයේ ප්රකාශ කළා.ඒ, එම නියෝගය ඉවත් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේ ඉදිරිපත් කළ මෝසම සළකා බැලීමෙන් අනතුරුවයි.එමෙන්ම අධිකරණ නියෝගය කියවා දුන් පසුවත් එම ප්රදේශයේ පිරිස රැඳී සිටින බැවින් ඔවුන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා ගොනු කළ මෝසම ද මහේස්ත්රාත්වරයා ප්රතික්ෂේප කළා. මේ අතර, පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා පසුගියදා ජනාධිපති ලේකම් කාර්යාලය අසලට කළ උද්ඝෝෂණයේ වගඋත්තරකරුවන් කරමින් නම් කර තිබූ භික්ෂූන් වහන්සේ එම පාගමනට පැමිණ නොමැති නම් ඒ බව ඉහළ අධිකරණයට දැනුම් දී අවශ්ය පියවර ගන්නා ලෙස කොළඹ කොටුව මහේස්ත්රාත් පසන් අමරසේන ඊයේ නියෝග කළා.ඒ, භික්ෂූන් වහන්සේ කිහිප නමක් පාගමනට එක් නොවූවද ඔවුන්ගේ නම් කොටුව පොලිසිය විසින් දෝෂ සහිතව ඇතුළත් කර ඇති බව භික්ෂූන් වහන්සේ පිරිසක් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කළ දැනුම් දීමකට අනුවයි.එවැනි පසුබිමක ජනාධිපති ලේකම් කාර්යාලය අසල රැඳී සිටි භික්ෂූන් වහන්සේලාට එරෙහිව ගත් උසාවි නියෝගයට ඇතුළත් කර තිබූ හිමිවරුන්ගේ නම් ඒ නියෝගයෙන් ඉවත් කිරීමට ගෙන තිබෙන තීරණය මගින් හිතාමතාම බරපතල වරදක් කර ඇති බව එක්සත් ජාතික පක්ෂය පෙන්වා දෙනවා. නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂය පවසන්නේ උසාවි නියෝගයට නම් ඇතුළත් කළ ඇතැම් භික්ෂූන් වහන්සේ මෙම ක්රියාවට සම්බන්ධ වී නොසිටි බවයි.මුලින් නම් ඇතුළත් කර පසුව එම නම් ඉවත් කරගැනීම උසාවිය හිතාමතාම නොමග යැවීමක් බවත් රජය සැමවිටම බුද්ධාගමටත්, ගරුතර මහා සංඝරත්නයටත් පහර ගැසීමට උත්සාහ කරන බවත් එම නිවේදනයේ සඳහන්.මේ අතර, සත්යාග්රහය පැවැත්වෙන ස්ථානයට ඊයේ පැමිණි පූජ්ය උලපනේ සුමංගල හිමියන් කියා සිටියේ මෙම සත්යාග්රහය කුමන බාධක පැමිණියද ඥානසාර හිමි නිදහස් කරනතුරු අඛණ්ඩව ක්රියාක්මක කරන බවයි.
முக்கிய உண்மைகள் සහ சான்றுகள்
- —ඥානසාර හිමිට නිදහස ඉල්ලන සත්යග්රහය අද 09 වන දිනටත් : සටන අත්නොහරින බව උලපනේ හිමි කියයි
- —හිරු ප්රවෘත්ති සංස්කාරක මණ්ඩලය විසින් සත්යාපනය කරන ලදී.
- —අදාළ අංශ සහ පොලිස් වාර්තා මඟින් තහවුරු කර ඇත.
பாராளுமன்ற ஆட்சி, நிறுவன வெளிப்படைத்தன்மை மற்றும் கொள்கை நடைமுறைகளில் நேரடி தாக்கத்தை ஏற்படுத்துகிறது.
Hiru News (හිරු) செய்திப்பிரிவு மற்றும் தொடர்புடைய துறைகளின் அடுத்தகட்ட முடிவுகள் எதிர்பார்க்கப்படுகின்றன.
செய்தியறை கவரேஜ் ஸ்பெக்ட்ரம்
Ground News Styleசரிபார்க்கப்பட்டவை: 2 சுயாதீன செய்தியறைகள் across print, broadcast, and international agencies.
Ad Space Reserved (LEADERBOARD)
Partner Inquiries: advertising@lankadispatch.comHiru News (හිරු)
வெளியீட்டாளரின் தளத்தில் முழுமையான செய்தியை வாசித்து உண்மை ஊடகவியலுக்கு ஆதரவளியுங்கள்.
Cross-Publisher Reporting & Perspectives (1)
ඥානසාර හිමිට නිදහස ඉල්ලන සත්යග්රහය අද 09 වන දිනටත් : සටන අත්නොහරින බව උලපනේ හිමි කියයි
வாசகர் கருத்துக்களம்
0நாகரீகமான, உண்மையின் அடிப்படையிலான வாசகர் பார்வை
அவதூறு மற்றும் தவறான தகவல்கள் தானாகவே வடிகட்டப்படும்.
Ad Space Reserved (MULTIPLEX)
Partner Inquiries: advertising@lankadispatch.comReporting: Hiru News (හිරු) • Synthesis & Multi-Source Indexing: Lanka Dispatch Wire Desk