බාල ගල් අඟුරු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි : සමස්ත පාඩුව බිලියන 18 පනී

විධායක බුද්ධි තොරතුරු වාර්තාව
පාර්ලිමේන්තු මන්ත්රී එස්.එම්. මරික්කාර් මන්ත්රීවරයා අද (20) බාල ගල්අගුරු හේතුකොටගෙන රටට සිදුවූ රුපියල් බිලියන 18කට අධික පාඩුව සම්බන්ධයෙන් වන වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පියවර ගත්තා.එහිදී, රටට සිදුව ඇති මූල්ය පාඩුව සම්බන්ධයෙන් හෙළිදරව් කරමින් ඔහු සඳහන් කළේ, විධිමත් තත්ව පරීක්ෂණයකින් තොරව අනාරක්ෂිත ලෙස ගල්අඟුරු තොග භාවිතයට ගැනීම හේතුවෙන් මෙම පාඩුව සිදුව ඇති බවයි.කාරක සභාව විසින් විදුලිබල අමාත්යාංශයේ අතිරේක ලේකම්වරයාගේ ප්රධානත්වයෙන් පත්කළ කමිටු වාර්තාවට අනුව, මෙහි සමස්ත පාඩුව රුපියල් මිලියන 18,368.89ක් හෙවත් බිලියන 18කට අධික බව මන්ත්රීවරයා සඳහන් කළා.එහිදී, ප්රමිතියෙන් තොර ගල්අඟුරු වැඩිපුර භාවිත කිරීම හරහා මිලියන 7,099ක්, අතිරේක නඩත්තු කටයුතු සඳහා මිලියන 80.4ක්, අළු ප්රවාහනය සහ ඒ ආශ්රිත කටයුතු සඳහා මිලියන 13.1ක්, මෙගාවොට් 300 නිෂ්පාදනය නොවීම නිසා විදුලිය වැඩිපුර මිලදී ගැනීමට සිදුවීමෙන් මිලියන 8,572ක්, ඇණවුම පහ එක අනුව නැව් 25ක් පැමිණිය යුතු වුවද, 19කින් පැමිණීම නිසා හදිසි මිලදී ගැනීම් සිදුකිරීමෙන් මිලියන 2,284ක් සහ නැව ප්රමාද වීම නිසා මිලියන 402.8ක් යනාදී වශයෙන් දැවැන්ත පාඩුවක් සිදුව ඇති බව මන්ත්රීවරයා මෙහිදී අනාවරණය කළා.ලෝක වෙළඳපොලේ ඩීසල් මිල ඉහළ යාම හේතුවෙන් රජය විසින් ලබාදුන් සහනාධාරය සහ පෙට්රෝලියම් සංස්ථාව ලැබූ පාඩුව මෙයට අමතරව පවතින බවද මන්ත්රීවරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නා.
මූලික කරුණු සහ සාක්ෂි
- —බාල ගල් අඟුරු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි : සමස්ත පාඩුව බිලියන 18 පනී
- —හිරු ප්රවෘත්ති සංස්කාරක මණ්ඩලය විසින් සත්යාපනය කරන ලදී.
- —අදාළ අංශ සහ පොලිස් වාර්තා මඟින් තහවුරු කර ඇත.
මූල්ය ස්ථාවරත්වය, මහ බැංකු ප්රතිපත්ති, වෙළඳපල ද්රවශීලතාව සහ විනිමය අනුපාත කෙරෙහි තීරණාත්මක බලපෑමක් ඇත.
Hiru News (හිරු) කොළඹ පුවත් කාමරය සහ අදාළ බලධාරීන් මගින් ඉදිරි ක්රියාමාර්ග නිරීක්ෂණය කෙරේ.
පුවත්පත් ආවරණ විෂය පථය
Ground News Styleතහවුරු කර ඇති මාධ්ය ගණන: 2 ස්වාධීන පුවත්පත් කාමර across print, broadcast, and international agencies.
Ad Space Reserved (LEADERBOARD)
Partner Inquiries: advertising@lankadispatch.comHiru News (හිරු)
ප්රකාශකයාගේ නිල වෙබ් අඩවියෙන් සම්පූර්ණ පුවත් වාර්තාව කියවා සැබෑ මාධ්යවේදයට සහාය වන්න.
Cross-Publisher Reporting & Perspectives (1)
බාල ගල් අඟුරු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි : සමස්ත පාඩුව බිලියන 18 පනී
පාඨක අදහස් සහ සංවාදය
0නිරවුල්, ගෞරවනීය පාඨක අදහස් හා විග්රහයන්
ලංකා ඩිස්පැච් ආචාරධර්ම අනුව අපහාසාත්මක හෝ අසත්ය තොරතුරු ස්වයංක්රීයව පෙරහන් කෙරේ.
Ad Space Reserved (MULTIPLEX)
Partner Inquiries: advertising@lankadispatch.comReporting: Hiru News (හිරු) • Synthesis & Multi-Source Indexing: Lanka Dispatch Wire Desk