'ඔර්නබ්' ප්රබල සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි: දිවයිනේ ප්රදේශ රැසකට මි.මී. 75 ඉක්මවූ තද වැසි

Executive Intelligence Dispatch
බටහිර - මධ්යම බෙංගාල බොක්ක ආශ්රිතව පැවති ''ඔර්නබ්'' (Aab) ප්රබල සුළි කුණාටුව තවදුරටත් වර්ධනය වී 'ඉතා ප්රබල සුළි කුණාටුවක්' බවට පත් වී අද (27) අලුයම 02.30 වන විට උතුරු අක්ෂාංශ 15.9° සහ නැගෙනහිර දේශාංශ 85.4° ආසන්නයේ, එනම් කන්කසන්තුරේ සිට කිලෝමීටර් 890ක් පමණ ඊසාන දෙසින් කේන්ද්රගතව පැවතුණු බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.මෙය අද දින ප.ව. 05.30 දක්වා බටහිර බරව වයඹ දෙසට ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති අතර, ඉන් අනතුරුව වයඹ දෙසට ගමන් කරමින්, හෙට (28) පෙරවරු 11.30 වන විට ආන්ද්ර ප්රදේශ් වෙරළ තීරය හරහා ඉන්දීය ගොඩබිමට ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති.මෙම පද්ධතියේ සෘජු බලපෑමක් ශ්රී ලංකාවට නොමැති වුවද එම පද්ධතිය වෙත ඇදී යන සුළං ප්රවාහය දිවයින හරහා පවතින බැවින් දිවයිනේ නිරිතදිග ප්රදේශයේ වැසි තත්ත්වය අද දිනයේදී තවදුරටත් අපේක්ෂා කෙරෙන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.ඒ අනුව, බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වල සහ මහනුවර සහ නුවරඑළිය දිස්ත්රික්කවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර මෙම ප්රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි.නැගෙනහිර පළාතේ පස්වරු 1.00න් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව සඳහන්.මධ්යම කඳුකරයේ බටහිර බෑවුම් ප්රදේශවලත් උතුරු, උතුරු - මැද සහ වයඹ පළාත්වලත් ත්රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40-50ක පමණ තද සුළං ඇතිවිය හැකි බව සඳහන් වෙනවා.එසේම ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්ය පියවර ගන්නා ලෙසයි එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
Key Facts & Findings
- —'ඔර්නබ්' ප්රබල සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි: දිවයිනේ ප්රදේශ රැසකට මි.මී. 75 ඉක්මවූ තද වැසි
- —හිරු ප්රවෘත්ති සංස්කාරක මණ්ඩලය විසින් සත්යාපනය කරන ලදී.
- —අදාළ අංශ සහ පොලිස් වාර්තා මඟින් තහවුරු කර ඇත.
Key development for parliamentary governance, institutional integrity, and statutory policy in Sri Lanka.
Further official announcements, regulatory updates, or judicial proceedings are tracked via Hiru News (හිරු).
Newsroom Coverage Spectrum
Ground News StyleVerified Across 2 Independent Newsrooms across print, broadcast, and international agencies.
Ad Space Reserved (LEADERBOARD)
Partner Inquiries: advertising@lankadispatch.comHiru News (හිරු)
Support authentic news reporting by reading the complete investigation directly on the publisher’s platform.
Cross-Publisher Reporting & Perspectives (1)
'ඔර්නබ්' ප්රබල සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි: දිවයිනේ ප්රදේශ රැසකට මි.මී. 75 ඉක්මවූ තද වැසි
The Wire Discussion
0Civil, fact-grounded reader perspectives and analysis
Lanka Dispatch enforces strict community standards. Defamation, hate speech, and spam are automatically filtered.
Ad Space Reserved (MULTIPLEX)
Partner Inquiries: advertising@lankadispatch.comReporting: Hiru News (හිරු) • Synthesis & Multi-Source Indexing: Lanka Dispatch Wire Desk