බෙංගාල බොක්කේ 'ARNAB' චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි: කුණාටුව නිසා මුහුදු ප්රදේශ රැසකට රතු නිවේදන: රළ මීටර් 3 - 4 දක්වා ඉහළට යාමේ හැකියාවක් : මුහුදු යාමෙන් වලකින්නැයි උපදෙස්

Executive Intelligence Dispatch
බෙංගාල බොක්කේ නැගෙනහිර මධ්යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්රදේශයේ පැවති ගැඹුරු පීඩන අවපාතය 'ARNAB' සුළි කුණාටුව දක්වා වර්ධනය වී ඇති බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසනවා.එම පද්ධතිය බටහිර දෙසට බරව වයඹ දෙසට ගමන් කරනු ඇති බවට අපේක්ෂා කරන අතර, අද රාත්රී 11.30 පමණ වන විට බටහිර මධ්යම බෙංගාල බොක්කේදී එය තවදුරටත් වර්ධනය වී චණ්ඩ සුළි කුණාටුවක් බවට පත්වීමට ඉඩ ඇති බවටයි අනතුරු අඟවා ඇත්තේ.ඒ අනුව මෙම 'ARNAB' සුළි කුණාටුව හේතුවෙන් මුහුදු ප්රදේශවල තද සුළං සහ මුහුද රළු වීම සම්බන්ධයෙන් කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව රතු අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.එම අනතුරු ඇඟවීම අද (26) පෙරවරු 9.30ට නිකුත් කර ඇති අතර ඉදිරි පැය 12 සඳහා වලංගු වන බවයි සඳහන් වන්නේ.අදාළ මුහුදු ප්රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 80ත් 100ත් අතර අගයක් දක්වා ඉහළ යා හැකි බව සඳහන්.එමෙන්ම මුහුදු රළ මීටර් 3ත් 4ත් අතර උසකට ඉහළ යා හැකි බවද දක්වා තිබෙනවා.මේ අතර ගිගුරුම් සහිත තද වැසි ඇති විය හැකි අතර, මුහුදු ප්රදේශ ඉතා රළු විය හැකි බව ද කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා.මේ අනුව උතුරු අක්ෂාංශ 10ත් 20ත් අතර සහ නැගෙනහිර දේශාංශ 80ත් 95ත් අතර මුහුදු ප්රදේශවල නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙසයි උපදෙස් ලබාදී ඇත්තේ.එබැවින් අදාළ මුහුදු ප්රදේශවල මේ වන විටත් ධීවර හා නාවික කටයුතුවල නිරතව සිටින පිරිස් ආරක්ෂිත ප්රදේශ වෙත යාත්රා කරන ලෙසත්, ඉදිරි කාලගුණ නිවේදන පිළිබඳ අවධානයෙන් පසුවන ලෙසයි වැඩිදුරටත් දැනුම් දෙන්නේ.
Key Facts & Findings
- —බෙංගාල බොක්කේ 'ARNAB' චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි: කුණාටුව නිසා මුහුදු ප්රදේශ රැසකට රතු නිවේදන: රළ මීටර් 3 - 4 දක්වා ඉහළට යාමේ හැකියාවක් : මුහුදු යාමෙන් වලකින්නැයි උපදෙස්
- —හිරු ප්රවෘත්ති සංස්කාරක මණ්ඩලය විසින් සත්යාපනය කරන ලදී.
- —අදාළ අංශ සහ පොලිස් වාර්තා මඟින් තහවුරු කර ඇත.
Key development for parliamentary governance, institutional integrity, and statutory policy in Sri Lanka.
Further official announcements, regulatory updates, or judicial proceedings are tracked via Hiru News (හිරු).
Newsroom Coverage Spectrum
Ground News StyleVerified Across 2 Independent Newsrooms across print, broadcast, and international agencies.
Ad Space Reserved (LEADERBOARD)
Partner Inquiries: advertising@lankadispatch.comHiru News (හිරු)
Support authentic news reporting by reading the complete investigation directly on the publisher’s platform.
Cross-Publisher Reporting & Perspectives (1)
බෙංගාල බොක්කේ 'ARNAB' චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි: කුණාටුව නිසා මුහුදු ප්රදේශ රැසකට රතු නිවේදන: රළ මීටර් 3 - 4 දක්වා ඉහළට යාමේ හැකියාවක් : මුහුදු යාමෙන් වලකින්නැයි උපදෙස්
The Wire Discussion
0Civil, fact-grounded reader perspectives and analysis
Lanka Dispatch enforces strict community standards. Defamation, hate speech, and spam are automatically filtered.
Ad Space Reserved (MULTIPLEX)
Partner Inquiries: advertising@lankadispatch.comReporting: Hiru News (හිරු) • Synthesis & Multi-Source Indexing: Lanka Dispatch Wire Desk