තීව්ර මැතිවරණ සටනකින් පසු ලූලා ද සිල්වා නැවතත් බ්රසීලයේ ජනාධිපති ධුරයට

நிர்வாக புலனாய்வு சுருக்கம்
තීව්ර මැතිවරණ සටනකින් අනතුරුව බ්රසීලයේ වාමාංශික නායක ලුයිස් ඉනාසියෝ ලූලා ද සිල්වා (Luiz Inácio Lula da Silva) නැවතත් එරට ජනාධිපතිවරණයෙන් ජයග්රහණය කර තිබෙනවා.ඒ සිය දක්ෂිණාංශික ප්රතිවාදියා වන ෆ්ලාවියෝ බොල්සොනාරෝ (Flávio Bolsonaro) පරාජයට පත් කරමින්.මෙය ලූලා ජනාධිපතිවරණයකින් ජයග්රහණය කළ සිව්වන අවස්ථාව වන අතර, ඔහු මීට පෙර 2003 ජනවාරි සිට 2010 දෙසැම්බර් දක්වා සහ නැවතත් 2023 ජනවාරි සිට පාලන බලය හොබවනු ලැබුවා.ඉකුත් ඔක්තෝබර් 4 වනදා පැවැති පළමු වටයේ මැතිවරණයෙන් ෆ්ලාවියෝ බොල්සොනාරෝ ඉදිරියෙන් සිටි අතර, සති තුනක් වැනි කෙටි කාලයක් තුළ ලූලා මෙම තත්ත්වය ආපසු හරවනු ඇතැයි බොහෝ දෙනා අපේක්ෂා කළේ නැහැ.එමෙන්ම, ආර්ජන්ටිනාව, චිලී සහ කොලොම්බියාව වැනි ලතින් ඇමෙරිකානු කලාපයේ ප්රධාන රටවල් රැසක බලය දක්ෂිණාංශික නායකයන් වෙත හිමිවෙමින් පැවති පසුබිමක ලූලා ලැබූ මෙම ජයග්රහණය විශේෂත්වයක්.පළමු වටයේ පරාජයෙන් පසුව සංවිධානය කෙරුණු දැවැන්ත ජන රැළි සහ සමාජ මාධ්ය ප්රචාරණ ව්යාපාරය ලූලාගේ ජයග්රහණයට ප්රබල හේතුවක් වූ බවයි දේශපාලන විචාරකයින් පෙන්වා දෙන්නේ.ලූලාගේ ජයග්රහණය පරිසරවේදීන්ගේ දැඩි ඇගයීමට ලක්ව ඇති අතර, ෆ්ලාවියෝගේ පියා වන ජායර් බොල්සොනාරෝගේ පාලන සමයේදී ඇමසන් වනාන්තරයේ සිදුවූ දැවැන්ත වන විනාශය සහ ලැව්ගිනි පිළිබඳව සිහිපත් කරන පරිසරවේදීන්, ලූලාගේ පැමිණීමත් සමඟ ඇමසන් පරිසර පද්ධතිය ආරක්ෂා වනු ඇතැයි විශ්වාසය පළකරනවා.මැතිවරණයේදී 48% කට වැඩි ඡන්ද ප්රමාණයක් බොල්සොනාරෝ ලබාගැනීමෙන් පෙනී යන්නේ බ්රසීල සමාජය දැඩි ලෙස දේශපාලනිකව බෙදී ඇති බවයි.සිය සිව්වන ධුර කාලය අවසන් වන විට 85 වන වියෙහි පසුවන මෙම වාමාංශික නායකයාට, මෙවර රට පාලනය කිරීම මීට පෙර පැවති වාරයන්ට වඩා බෙහෙවින් අභියෝගාත්මක වනු ඇතැයි විදෙස් මාධ්ය වාර්තා කරනවා.මූලාශ්රය - බීබීසී
முக்கிய உண்மைகள் සහ சான்றுகள்
- —තීව්ර මැතිවරණ සටනකින් පසු ලූලා ද සිල්වා නැවතත් බ්රසීලයේ ජනාධිපති ධුරයට
- —හිරු ප්රවෘත්ති සංස්කාරක මණ්ඩලය විසින් සත්යාපනය කරන ලදී.
- —අදාළ අංශ සහ පොලිස් වාර්තා මඟින් තහවුරු කර ඇත.
பாராளுமன்ற ஆட்சி, நிறுவன வெளிப்படைத்தன்மை மற்றும் கொள்கை நடைமுறைகளில் நேரடி தாக்கத்தை ஏற்படுத்துகிறது.
Hiru News (හිරු) செய்திப்பிரிவு மற்றும் தொடர்புடைய துறைகளின் அடுத்தகட்ட முடிவுகள் எதிர்பார்க்கப்படுகின்றன.
செய்தியறை கவரேஜ் ஸ்பெக்ட்ரம்
Ground News Styleசரிபார்க்கப்பட்டவை: 2 சுயாதீன செய்தியறைகள் across print, broadcast, and international agencies.
Ad Space Reserved (LEADERBOARD)
Partner Inquiries: advertising@lankadispatch.comHiru News (හිරු)
வெளியீட்டாளரின் தளத்தில் முழுமையான செய்தியை வாசித்து உண்மை ஊடகவியலுக்கு ஆதரவளியுங்கள்.
Cross-Publisher Reporting & Perspectives (1)
තීව්ර මැතිවරණ සටනකින් පසු ලූලා ද සිල්වා නැවතත් බ්රසීලයේ ජනාධිපති ධුරයට
வாசகர் கருத்துக்களம்
0நாகரீகமான, உண்மையின் அடிப்படையிலான வாசகர் பார்வை
அவதூறு மற்றும் தவறான தகவல்கள் தானாகவே வடிகட்டப்படும்.
Ad Space Reserved (MULTIPLEX)
Partner Inquiries: advertising@lankadispatch.comReporting: Hiru News (හිරු) • Synthesis & Multi-Source Indexing: Lanka Dispatch Wire Desk