CBSL DAILY FIXING:
USD/LKR310.80▼ 0.15%
EUR/LKR339.10▲ 0.32%
GBP/LKR403.50▲ 0.18%
AUD/LKR207.45▼ 0.05%
AED/LKR84.62▲ 0%
GOLD 24K (SOV):Rs. 204,500
CSE ASPI:12480.65▲ 0.69%
COLOMBO: 30°C (Partly Cloudy)
///
CBSL DAILY FIXING:
USD/LKR310.80▼ 0.15%
EUR/LKR339.10▲ 0.32%
GBP/LKR403.50▲ 0.18%
AUD/LKR207.45▼ 0.05%
AED/LKR84.62▲ 0%
GOLD 24K (SOV):Rs. 204,500
CSE ASPI:12480.65▲ 0.69%
COLOMBO: 30°C (Partly Cloudy)
///
Monday, 19 October 2026
Live Feed·Just now
Edition:

LANKADISPATCH

Sri Lanka's Independent Intelligence & News Aggregator

🇱🇰 Sri Lankaeconomy/Hiru News (හිරු)•3 min read

දිවයින පුරා ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් සංඛ්‍යාව ඉහළට

Original Reporting by Hiru News (හිරු)
Monday, 19 October 2026 at 04:18
දිවයින පුරා ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් සංඛ්‍යාව ඉහළට
Verified Wire Dispatch PhotoHiru News (හිරු)
Photo credit: Hiru News (හිරු) editorial wire

Executive Intelligence Dispatch

Synthesized by Gemini 2.0 Flash · 100% Original Editorial Expression
The Scoop & Verified Narrative

දිවයින පුරා ඉන්ෆ්ලුවෙන්සා ආසාදිතයින්ගේ සංඛ්‍යාව ඉහළ යමින් පවතින බව වසංගත රෝග විද්‍යා අංශය අනාවරණය කරනවා. රෝගය පැතිර යාම පාලනය කිරීම සඳහා සරල පූර්වාරක්ෂිත පියවර අනුගමනය කරමින් අවධානයෙන් පසුවන ලෙසයි සෞඛ්‍ය බලධාරීන් මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය සහ ඉන්ෆ්ලුවෙන්සා පිළිබඳ සම්බන්ධීකාරක වෛද්‍ය ජීවතරන් හම්සානන්ති පුවත්පතකට අදහස් දක්වමින් සඳහන් කර ඇත්තේ දිවයින පුරා පිහිටි රෝහල් හරහා ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් පිළිබඳව සොයා බලන අතර, සෞඛ්‍ය සේවා ප්‍රතිචාරයන් නියාමනය කිරීම සඳහා එම තොරතුරු සතිපතා වෛද්‍යවරුන් සහ ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන් වෙත ලබා දෙන බවයි.වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය හම්සානන්ති,"දැනට ඉන්ෆ්ලුවෙන්සා රෝගීන්ගේ ඉහළ යාමක් දක්නට ලැබෙනවා. රෝගීන් වැඩිවීමක් පෙන්නුම් කළත්, ආසාදනය වැළැක්වීමේ පියවරයන් අනුගමනය කිරීම ඉතාමත් වැදගත්, කොවිඩ්-19 සමයේදී මෙන්, රෝගය පාලනය කර ගැනීමට සහ වැළැක්වීමට පුද්ගලික සහ ශ්වසන සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කළ යුතුයි. වසංගත සමයේ මෙන් හැසිරීම් රටාවේ පූර්වාරක්ෂිත පියවරයන් පවත්වා ගන්නේ නම් රෝගය සීඝ්‍රයෙන් පැතිරීම වළක්වා ගත හැකියි.ශ්වසන පද්ධතියේ ආසාදන ලක්ෂණ ඇති ඕනෑම අයෙකු මුඛ ආවරණයක් (Mask) පැළඳ සිටින ලෙස අපි සාමාන්‍යයෙන් උපදෙස් දෙනවා. කොවිඩ් කාලයේදී මෙන් සෑම දෙනාම මුඛ ආවරණ පැළඳීමට වඩා, රෝග ලක්ෂණ ඇති අය අන් අයට රෝගය බෝවීම වැළැක්වීම සඳහා පුද්ගලික ආරක්ෂිත පියවරක් ලෙස මුඛ ආවරණ පැළඳිය යුතුයි."එසේම, 'ඔසෙල්ටමිවිර්' (Oseltamivir) නමැති ප්‍රතිවයිරස ඖෂධය (Antiviral) වෛද්‍ය සැපයුම් අංශය සහ ප්‍රාදේශීය වෛද්‍ය සැපයුම් අංශ හරහා රෝහල්වල පවතින බවද ඇය සඳහන් කළා."මෙම ඖෂධය ලබා දිය යුත්තේ විශේෂඥ වෛද්‍යවරුන්, ළමා රෝග විශේෂඥයින් හෝ කායික රෝග වෛද්‍යවරුන්ගේ වෛද්‍ය නිර්දේශ මත පමණයි. වෛද්‍ය නිර්දේශයකින් තොරව ෆාමසිවලින් මෙය මිලදී ගැනීමට නොහැකියි."වෛද්‍ය සායනික නිරීක්ෂණය මත පදනම්ව පැය 24 ක් ඇතුළත මෙම ප්‍රතිකාර ආරම්භ කරන බවත් ගර්භණී මාතාවන් සහ දීර්ඝකාලීන රෝගවලින් පෙළෙන පුද්ගලයින් වැනි අධි අවදානම් සහිත රෝගීන් නිසි ලෙස ඇගයීමට ලක්කර, අවශ්‍ය නම් රෝහල්ගත කර විශේෂඥ වෛද්‍යවරුන් ලවා පරීක්ෂා කිරීමෙන් පසුව ඖෂධ නියම කරන බවත් ඇය පැහැදිලි කළා.තවද, විධිමත් ක්‍රමයකට තොරව ප්‍රතිවයිරස ඖෂධ භාවිත කිරීමෙන් කිසිදු යහපතක් සිදු නොවන අතර එමඟින් ඖෂධ ප්‍රතිරෝධීතාවයක් (Drug resistance) ඇති විය හැකි බවට ද ඇය අනතුරු ඇඟවූවා.වසංගත රෝග විද්‍යා අංශය ප්‍රතිකාර මාර්ගෝපදේශ හරහා මෙම ඖෂධය නියාමනය කරන අතර ලබා දීමට පෙර ඖෂධ භාවිත වාර්තා පරීක්ෂා කරනු ලබනවා.ඉන්ෆ්ලුවෙන්සා එන්නත පෞද්ගලික අංශයේ ලබා ගැනීමට තිබුණද, එය ශ්‍රී ලංකාවේ ජාතික එන්නත්කරණ වැඩසටහනට ඇතුළත් නොවන අතර වෛද්‍ය හම්සානන්ති සඳහන් කළේ අධි අවදානම් සහිත පුද්ගලයින් සහ විදේශගත වන පුද්ගලයින් සාමාන්‍යයෙන් පෞද්ගලික අංශයෙන් මෙම එන්නත ලබා ගන්නා බවයි.

Key Facts & Findings

  • —දිවයින පුරා ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් සංඛ්‍යාව ඉහළට
  • —හිරු ප්‍රවෘත්ති සංස්කාරක මණ්ඩලය විසින් සත්‍යාපනය කරන ලදී.
  • —අදාළ අංශ සහ පොලිස් වාර්තා මඟින් තහවුරු කර ඇත.
Why It Matters

Crucial for fiscal stability, CBSL monetary directives, market liquidity, and trade continuity.

What to Watch For

Further official announcements, regulatory updates, or judicial proceedings are tracked via Hiru News (හිරු).

Newsroom Coverage Spectrum

Ground News Style

Verified Across 2 Independent Newsrooms across print, broadcast, and international agencies.

Standard Corroboration
Publisher Diversity Index2 Outlets Tracking
National Broadcasters
1
Independent Print
0
Wires & Financial
0
AdvertisementReserved Inventory
LANKA DISPATCH Digital Network

Ad Space Reserved (LEADERBOARD)

Partner Inquiries: advertising@lankadispatch.com
Original Wire

Hiru News (හිරු)

Support authentic news reporting by reading the complete investigation directly on the publisher’s platform.

Read Full Unabridged Story
✓Indexed under Section 12 of Sri Lanka IP Act & Fair Dealing Guidelineshirunews.lk

Cross-Publisher Reporting & Perspectives (1)

Hiru News (හිරු)Live Dispatch

දිවයින පුරා ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් සංඛ්‍යාව ඉහළට

The Wire Discussion

0

Civil, fact-grounded reader perspectives and analysis

Lanka Dispatch enforces strict community standards. Defamation, hate speech, and spam are automatically filtered.

0 / 500 charactersTrilingual civil moderation active
AdvertisementReserved Inventory
LANKA DISPATCH Digital Network

Ad Space Reserved (MULTIPLEX)

Partner Inquiries: advertising@lankadispatch.com

Reporting: Hiru News (හිරු) • Synthesis & Multi-Source Indexing: Lanka Dispatch Wire Desk