නඩත්තු මුදල් නොගෙවූ පුද්ගලයෙකුට හිටපු ජනපති රනිල් දුන් ජනාධිපති සමාව ශ්රේෂ්ඨාධිකරණය අහෝසි කරයි

நிர்வாக புலனாய்வு சுருக்கம்
හිටපු බිරිඳට ගෙවිය යුතු රුපියල් මිලියන 1.74ක නඩත්තු මුදල් නොගෙවීම හේතුවෙන් මාස 29ක සිරදඬුවමක් නියම වී සිටි පුද්ගලයෙකුට හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ ලබාදුන් ජනාධිපති පොදු සමාව බලරහිත කිරීමට ශ්රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා.2024 සැප්තැම්බර් මාසයේදී මොහොමඩ් අමීන් මොහොමඩ් නසීම් නමැත්තාට ලබාදුන් එම සමාව, ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 12(1) වගන්තියෙන් සහතික කර ඇති සමානාත්මතාවයේ සහ නීතියේ සමාන ආරක්ෂාවට ඇති මූලික අයිතිවාසිකම උල්ලංඝනය කිරීමක් බවයි ශ්රේෂ්ඨාධිකරණ ත්රිපුද්ගල විනිසුරු මඩුල්ල තීන්දු කර ඇත්තේ.විනිසුරු ජනක් ද සිල්වා විසින් ප්රකාශයට පත්කළ මෙම තීන්දුවට විනිසුරු සෝභිත රාජකරුණා සහ විනිසුරු සම්පත් කේ.බී. විජේරත්න යන මහත්වරුන් ද එකඟතාව පළ කර තිබෙන අතර, තීන්දුව ලබාදී ඇත්තේ පසුගිය ඔක්තෝබර් 23 වැනිදායි.නසීම්ට නියම වූ මාස 29ක සිරදඬුවමෙන් මාස දෙකකටත් අඩු කාලයක් ගත කිරීමෙන් පසු ඔහු නිදහස් කිරීමට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනුකර තිබුණේ ඔහුගේ හිටපු බිරිඳ වන අහමඩ් ජලීල් ෆාර්මිල්ලා බෙගම් විසින්.මහේස්ත්රාත් අධිකරණය නිකුත් කළ නඩත්තු නියෝගයකට අවනත නොවීම හේතුවෙන් 2024 ජූලි මාසයේදී නසීම් බන්ධනාගාරගත කර තිබූ අතර, බන්ධනාගාර දිනය වෙනුවෙන් ලබාදුන් පොදු සමාව යටතේ එම වසරේ සැප්තැම්බර් 12 වැනිදා ඔහු නිදහස් කර තිබුණා.මෙවැනිම නඩත්තු මුදල් හිඟයන් හේතුවෙන් සිරගත වූ තවත් පුද්ගලයෙකුට හිමිව තිබුණේ සතියක දඬුවම් ලිහිල් කිරීමක් පමණක් බවත්, නසීම්ගේ සිරගත කිරීම දඩයක් නොගෙවීමක් ලෙස සටහන් කර තිබීම නිසා ඔහුට විශේෂ වරප්රසාදයක් හිමිවී ඇති බවත් ශ්රේෂ්ඨාධිකරණය නිරීක්ෂණය කර තිබෙනවා.සිරකරුවන් දෙදෙනාගේ භාරදීමේ වරෙන්තුවල භාවිත කර ඇති වචනවල වෙනස, මෙවැනි අසමාන සැලකීමක් සාධාරණීකරණය කිරීමට හේතුවක් නොවන බව ද අධිකරණය තීන්දු කර ඇති බව සඳහන්.ඒ අනුව, හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ , අධිකරණ අමාත්යාංශයේ ලේකම්වරයා සහ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා විසින් පෙත්සම්කාරියගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව ශ්රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙනවා.නසීම්ට ලබාදුන් සමාව බලරහිත කළ අධිකරණය, ඔහුට නියම වූ මුල් සිරදඬුවමේ නීතිමය වලංගුභාවය ද යළි ස්ථාපිත කර තිබෙනවා.තවදුරටත් වලංගු සිරදඬුවමක් තිබියදී නිදහස්ව සිටින නසීම් මේ වන විට “නීතියෙන් සැඟවී සිටින පුද්ගලයෙකු” ලෙස සැලකෙන බවත්, ඔහු වහාම නීතිය ක්රියාත්මක කරන බලධාරීන්ට භාරවීම සුදුසුම ක්රියාමාර්ගය බවත් ශ්රේෂ්ඨාධිකරණ තීන්දුවේ සඳහන්.මීගමුව මහේස්ත්රාත් අධිකරණය විසින් නිකුත් කළ මුල් වරෙන්තුව තවදුරටත් නීත්යානුකූලව වලංගු බවත්, ඔහු රඳවා තබාගෙන සිරදඬුවම ක්රියාත්මක කිරීමට බන්ධනාගාර නිලධාරීන්ට එමඟින් ප්රමාණවත් බලයක් ලැබෙන බවත් අධිකරණය තීන්දු කර තිබෙනවා.කෙසේ වෙතත්, අදාළ මහේස්ත්රාත් අධිකරණයට අවශ්ය පියවර ගැනීමේ බලය පවතින බැවින් සිරදඬුවම ක්රියාත්මක කරන ලෙස දන්වමින් අතිරේක නියෝගයක් නිකුත් කිරීම අවශ්ය නොවන බව ද ශ්රේෂ්ඨාධිකරණය සඳහන් කර තිබෙනවා.එමෙන්ම, නීත්යානුකූල ක්රමවේදය අනුගමනය කරමින් සියලු අදාළ කරුණු සලකා බැලීමෙන් පසු නසීම්ට නැවතත් ජනාධිපති සමාවක් ලබාදීමට ජනාධිපතිවරයාට ඇති බලයට මෙම තීන්දුවෙන් බාධාවක් නොමැති බව ද පැහැදිලි කර තිබෙනවා.
முக்கிய உண்மைகள் සහ சான்றுகள்
- —නඩත්තු මුදල් නොගෙවූ පුද්ගලයෙකුට හිටපු ජනපති රනිල් දුන් ජනාධිපති සමාව ශ්රේෂ්ඨාධිකරණය අහෝසි කරයි
- —හිරු ප්රවෘත්ති සංස්කාරක මණ්ඩලය විසින් සත්යාපනය කරන ලදී.
- —අදාළ අංශ සහ පොලිස් වාර්තා මඟින් තහවුරු කර ඇත.
பாராளுமன்ற ஆட்சி, நிறுவன வெளிப்படைத்தன்மை மற்றும் கொள்கை நடைமுறைகளில் நேரடி தாக்கத்தை ஏற்படுத்துகிறது.
Hiru News (හිරු) செய்திப்பிரிவு மற்றும் தொடர்புடைய துறைகளின் அடுத்தகட்ட முடிவுகள் எதிர்பார்க்கப்படுகின்றன.
செய்தியறை கவரேஜ் ஸ்பெக்ட்ரம்
Ground News Styleசரிபார்க்கப்பட்டவை: 2 சுயாதீன செய்தியறைகள் across print, broadcast, and international agencies.
Ad Space Reserved (LEADERBOARD)
Partner Inquiries: advertising@lankadispatch.comHiru News (හිරු)
வெளியீட்டாளரின் தளத்தில் முழுமையான செய்தியை வாசித்து உண்மை ஊடகவியலுக்கு ஆதரவளியுங்கள்.
Cross-Publisher Reporting & Perspectives (1)
නඩත්තු මුදල් නොගෙවූ පුද්ගලයෙකුට හිටපු ජනපති රනිල් දුන් ජනාධිපති සමාව ශ්රේෂ්ඨාධිකරණය අහෝසි කරයි
வாசகர் கருத்துக்களம்
0நாகரீகமான, உண்மையின் அடிப்படையிலான வாசகர் பார்வை
அவதூறு மற்றும் தவறான தகவல்கள் தானாகவே வடிகட்டப்படும்.
Ad Space Reserved (MULTIPLEX)
Partner Inquiries: advertising@lankadispatch.comReporting: Hiru News (හිරු) • Synthesis & Multi-Source Indexing: Lanka Dispatch Wire Desk