රාජ්යය ත්රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත සහ සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන ශ්රී ලංකා නීතිඥ සංගමයේ දැඩි කනස්සල්ල

Executive Intelligence Dispatch
රාජ්යය ත්රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත (PSTA) සහ සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත (OCB) සම්බන්ධයෙන් ශ්රී ලංකා නීතිඥ සංගමය සිය දැඩි කනස්සල්ල පළ කර සිටිනවා.අදාළ පනත් කෙටුම්පත් දෙකම මේ වන විට ගැසට් පත්රයේ පළ කර පාර්ලිමේන්තුවේ න්යාය පත්රයට ඇතුළත් කර ඇති බව සඳහන් කරමින් ශ්රී ලංකා නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරනවා. මෙම පනත් කෙටුම්පත් දෙක මඟින් විධායකය වෙත අත්අඩංගුවට ගැනීම, රඳවා තබා ගැනීම සහ සෝදිසි කිරීම් සම්බන්ධයෙන් අධික බලතල ප්රමාණයක් හිමිවන බවයි නීතිඥ සංගමය පෙන්වා දෙන්නේ. එසේම පුද්ගල නිදහස ආරක්ෂා කිරීමට වඩාත්ම තීරණාත්මක වන අවස්ථාවලදී අධිකරණයේ අධීක්ෂණය සීමා වන බවත්, අදහස් ප්රකාශ කිරීමේ, රැස්වීමේ සහ යාම් ඊම් කිරීමේ නිදහසට දීර්ඝකාලීන බලපෑම් ඇති කරන අපරාධමය වගකීම් නිර්මාණය වන බවද එම සංගමය සඳහන් කරනවා.1979 අංක 48 දරන ත්රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත (PTA) තාවකාලික පියවරක් ලෙස හඳුන්වා දුන්නද, එය දශක හතරකට වැඩි කාලයක් පැවැති බවත්, බලයට පත් වූ විවිධ ආණ්ඩු යටතේ පුද්ගලයන් නඩු විභාගයකින් තොරව දීර්ඝ කාලයක් රඳවා ගැනීමටත්, දේශපාලන විරුද්ධවාදීන්, ක්රියාකාරීන්, මාධ්යවේදීන්, ශිෂ්යයන් සහ මහජනතාව මර්දනය කිරීමටත් එය භාවිත කර ඇති බවයි නීතිඥ සංගමය පෙන්වා දෙන්නේ. ඊට හොඳම නිදසුන ලෙස නීතිඥ හිජාස් හිස්බුල්ලාගේ සිදුවීම පෙන්වා දෙන නීතිඥ සංගමය, 2020 අප්රේල් 14 වන දින අත්අඩංගුවට ගත් ඔහුව ඇප මත මුදා හැරීමට පෙර මාස 22 ක් (දින 662 ක්) රඳවා තබාගත් බව මෙහිදී සිහිපත් කර සිටිනවා. මෙවැනි බලතල මඟින් අදහස් ප්රකාශ කිරීමට ඉඩ ඇති නීතිඥයන්, මාධ්යවේදීන්, ක්රියාකාරීන් සහ සාමාන්ය ජනතාව කෙරෙහි නිෂේධනීය බලපෑමක් ඇති වන බවයි එම සංගමය වැඩිදුරටත් අවධාරණය කරන්නේ. ත්රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට හඳුන්වා දීමට නියමිත PSTA පනත් කෙටුම්පත සහ OCB පනත් කෙටුම්පත පරීක්ෂා කළ යුත්තේ මෙවැනි පසුබිමක් යටතේ බවයි එම සංගමය සඳහන් කරන්නේ. සාධාරණ ලෙස භාවිත කළ හැකි නීතියක් අවභාවිත කිරීමට ද හැකියාව පවතින අතර, ශ්රී ලංකාවේ අතීත අත්දැකීම් සැලකිල්ලට ගැනීමේදී නව නියාමන යටතේ ද මෙම අභියෝග සහ අවභාවිතයන් නැවත සිදුවීමට ඇති හැකියාව බැහැර කළ නොහැකි බව එම සංගමය පෙන්වා දෙනවා. පොලිසියට සහ විධායකයට මෙවැනි ආකාරයේ බලතල ලබා දෙන ප්රජාතන්ත්රවාදී රටක්, පොලිස් රාජ්යයක් බවට පත්වීමේ අවදානමකට ලක්වන බව ද එහි සඳහන්. නීතියේ ආධිපත්යය මගින් පාලනය වන රටක, නීතියේ ප්රධාන අරමුණ වන්නේ රාජ්යයේ අත්තනෝමතික ක්රියාවන්ගෙන් පුද්ගලයා ආරක්ෂා කිරීම බවයි එම සංගමය අවධාරණය කරන්නේ. අපගේ අපරාධ විනිශ්චය පද්ධතිය විසින් වරදක් සම්බන්ධයෙන් චෝදනා ලබන පුද්ගලයෙකු වරදකරු යැයි ඔප්පු වන තෙක් නිර්දෝෂී පුද්ගලයෙකු ලෙස සැලකීමේ පූර්ව නිගමනය හා සුවිශේෂී තත්වයන් මගින් අන්යුරින් අවශ්ය නොවන්නේ නම් ඇප මත මුදා හැරීමේ සාමාන්ය රීතිය වර්ධනය කර ඇත්තේ එබැවින් බව පෙන්වා දෙන එම සංගමය, මෙම කරුණු හුදෙක්ම තාක්ෂණික කරුණු නොවන බවත්, පොලිසියේ සහ විධායකයේ බලය ස්වාධීන අධිකරණයක අධීක්ෂණය යටතේ තබා ගත්තේ මෙවැනි මූලධර්ම හරහා බවත් පවසනවා. කෙසේ වෙතත්, මෙම පනත් කෙටුම්පත් දෙකම, විවිධ ආකාරයන්ගෙන් මෙම මූලධර්ම ඉවත් කිරීමට උත්සාහ කරන බවයි නීතිඥ සංගමය වැඩිදුරටත් කියා සිටින්නේ.එම නිවේදනය මෙතැනින්
Key Facts & Findings
- —රාජ්යය ත්රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත සහ සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන ශ්රී ලංකා නීතිඥ සංගමයේ දැඩි කනස්සල්ල
- —හිරු ප්රවෘත්ති සංස්කාරක මණ්ඩලය විසින් සත්යාපනය කරන ලදී.
- —අදාළ අංශ සහ පොලිස් වාර්තා මඟින් තහවුරු කර ඇත.
Relevant to digital infrastructure modernization, enterprise connectivity, and information security.
Further official announcements, regulatory updates, or judicial proceedings are tracked via Hiru News (හිරු).
Newsroom Coverage Spectrum
Ground News StyleVerified Across 2 Independent Newsrooms across print, broadcast, and international agencies.
Ad Space Reserved (LEADERBOARD)
Partner Inquiries: advertising@lankadispatch.comHiru News (හිරු)
Support authentic news reporting by reading the complete investigation directly on the publisher’s platform.
Cross-Publisher Reporting & Perspectives (1)
රාජ්යය ත්රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත සහ සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත ගැන ශ්රී ලංකා නීතිඥ සංගමයේ දැඩි කනස්සල්ල
The Wire Discussion
0Civil, fact-grounded reader perspectives and analysis
Lanka Dispatch enforces strict community standards. Defamation, hate speech, and spam are automatically filtered.
Ad Space Reserved (MULTIPLEX)
Partner Inquiries: advertising@lankadispatch.comReporting: Hiru News (හිරු) • Synthesis & Multi-Source Indexing: Lanka Dispatch Wire Desk