ජනාධිපති කාර්යාලය අසල හිමිවරුන්ගේ විරෝධතාවට ශබ්ද විකාශන යන්ත්ර සහ වතුර ගෙන ආ දෙදෙනෙක් අත්අඩංගුවට

Executive Intelligence Dispatch
නීති විරෝධී රැස්වීමක සාමාජිකයින් ලෙස කටයුතු කරමින් කිසිදු බලපත්රයක් නොමැතිව ශබ්ද විකාශන යන්ත්ර භාවිත කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු නඩු භාණ්ඩ ද සමඟින් අත්අඩංගුවට ගැනීමට කොල්ලුපිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් සමත්ව තිබෙනවා.ඊයේ (15) රාත්රී 10.00 ට සහ 10.10 ට පමණ කොටුව පොලිස් වසමට අයත් 'වන් ගෝල් ෆේස්' (One Galle Face) සංකීර්ණයේ ඇතුළුවීමේ දොරටුව අසලදී කොල්ලුපිටිය පොලිස් නිලධාරීන් විසින් මෙම වැටලීම සිදු කර මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ 10, පංචිකාවත්ත පාරේ පදිංචි වයස අවුරුදු 61ක් සහ හෙලමඩ, හපුගස්තැන්න ප්රදේශයේ පදිංචි වයස අවුරුදු 38ක පුද්ගලයින් දෙදෙනෙක්.අත්අඩංගුවට ගත් අවස්ථාවේදී ඔවුන් භාරයේ තිබූ ශබ්ද විකාශන යන්ත්ර 2ක්, ඇම්ප්ලිෆයර් එකක්, වයරයක් සහිත මයික්රෆෝනයක් සහ මේ සඳහා යොදාගත් කුඩා ලොරි රථයක් ද පොලිස් භාරයට ගෙන ඇති අතර, ලොරි රථය තුළ විශාල වශයෙන් වතුර බෝතල් සහ කුඩ තබා තිබූ බවයි පොලිසිය පවසන්නේ.කොළඹ දිශාව භාර නියෝජ්ය පොලිස්පතිතුමාගේ උපදෙස් පරිදි සැකකරුවන් සහ නඩු භාණ්ඩ වැඩිදුර විමර්ශන සඳහා කිරුලපන පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබෙනවා.
Key Facts & Findings
- —ජනාධිපති කාර්යාලය අසල හිමිවරුන්ගේ විරෝධතාවට ශබ්ද විකාශන යන්ත්ර සහ වතුර ගෙන ආ දෙදෙනෙක් අත්අඩංගුවට
- —හිරු ප්රවෘත්ති සංස්කාරක මණ්ඩලය විසින් සත්යාපනය කරන ලදී.
- —අදාළ අංශ සහ පොලිස් වාර්තා මඟින් තහවුරු කර ඇත.
Key development for parliamentary governance, institutional integrity, and statutory policy in Sri Lanka.
Further official announcements, regulatory updates, or judicial proceedings are tracked via Hiru News (හිරු).
Newsroom Coverage Spectrum
Ground News StyleVerified Across 2 Independent Newsrooms across print, broadcast, and international agencies.
Ad Space Reserved (LEADERBOARD)
Partner Inquiries: advertising@lankadispatch.comHiru News (හිරු)
Support authentic news reporting by reading the complete investigation directly on the publisher’s platform.
Cross-Publisher Reporting & Perspectives (1)
ජනාධිපති කාර්යාලය අසල හිමිවරුන්ගේ විරෝධතාවට ශබ්ද විකාශන යන්ත්ර සහ වතුර ගෙන ආ දෙදෙනෙක් අත්අඩංගුවට
The Wire Discussion
0Civil, fact-grounded reader perspectives and analysis
Lanka Dispatch enforces strict community standards. Defamation, hate speech, and spam are automatically filtered.
Ad Space Reserved (MULTIPLEX)
Partner Inquiries: advertising@lankadispatch.comReporting: Hiru News (හිරු) • Synthesis & Multi-Source Indexing: Lanka Dispatch Wire Desk