කොළඹ හදිසි ජල ගැලීම් සහ හදිසි තත්ත්වයන්ට මුහුණදීමට කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් ස්ථාපිත කිරීමට ජනාධිපති ලේකම්වරයාගෙන් උපදෙස්

நிர்வாக புலனாய்வு சுருக்கம்
කොළඹ නගරයේ ඊයේ (06) පස්වරුවේ ඇතිවූ ක්ෂණික ගංවතුර තත්ත්වයට ප්‍රධාන හේතුව වූයේ පැයක් තුළ මි.මි 129ක පමණ අධික වර්ෂාපතනයක් ලැබීම බවත්, දැනට පවතින කාණු සහ ජලාපවහන පද්ධතිය සකස් කර ඇත්තේ පැයකට මි.මි 30ක පමණ වර්ෂාපතනයකට ඔරොත්තු දෙන පරිදි බවත්, ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී කොළඹ නගර සභාවේ නිලධාරීන් අනාවරණය කර තිබෙනවා. ඒ අනුව, මෙවැනි හදිසි තත්ත්වයන්ට කාර්යක්ෂමව සහ කඩිනමින් මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ අදාළ ආයතන එක් කරගනිමින් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් ස්ථාපිත කරන ලෙසයි ජනාධිපති ලේකම්වරයා උපදෙස් ලබා දී ඇත්තේ.කොළඹ නගරයේ හදිසි ජල ගැලීම් තත්ත්වයන් ඇතිවීමට බලපාන හේතු සහ ඒ සඳහා ගත යුතු කඩිනම් විසඳුම් පිළිබඳ සොයා බැලීම සඳහා ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායකගේ ප්‍රධානත්වයෙන් අද (07) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම සාකච්ඡාව පැවැත්වුණා.අවශ්‍යතාව පරිදි කාණු සහ ජලාපවහන පද්ධති වැඩිදියුණු කිරීම සඳහා කෙටිකාලීන, මධ්‍යකාලීන සහ දිගුකාලීන සැලසුම් සකස් කර ක්‍රියාත්මක කිරීම පිළිබඳ මෙහිදී සාකච්ඡා කර තිබූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ.අවිධිමත් ලෙස කසළ බැහැර කිරීම හේතුවෙන් ජලය බැස යන ඇතැම් කාණු පද්ධති සහ ඇළ මාර්ග අවහිර වී ඇති බව මෙහිදී අනාවරණය වූ අතර, ජලය ක්‍රමානුකූලව බැස යෑමට බාධාවක් වන කාණු පද්ධති සහ ජල මාර්ග කඩිනමින් පිරිසිදු කිරීමටත්, අවිධිමත් ලෙස කසළ බැහැර කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමටත් මෙහිදී අවධානය යොමු කර තිබෙනවා.කොළඹ මහ නගර සීමාව තුළ පවතින අනවසර ඉදිකිරීම් හේතුවෙන් ජලය බැස යන ඇතැම් කාණු පද්ධති සහ ඇළ මාර්ග අවහිර වී ඇති බව මෙහිදී අනාවරණය වී ඇති බව සඳහන්.එම අනවසර ඉදිකිරීම් ඉවත් කර, අදාළ පිරිස් වෙනත් සුදුසු ස්ථානවල පදිංචි කිරීම සඳහා අවශ්‍ය සැලසුම් සකස් කර කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව සහ කසළ විධිමත්ව බැහැර කිරීම සහ ජල මාර්ග පිරිසිදුව පවත්වාගෙන යෑමේ වැදගත්කම පිළිබඳ මහජනතාව දැනුවත් කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.
முக்கிய உண்மைகள் සහ சான்றுகள்
- —කොළඹ හදිසි ජල ගැලීම් සහ හදිසි තත්ත්වයන්ට මුහුණදීමට කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් ස්ථාපිත කිරීමට ජනාධිපති ලේකම්වරයාගෙන් උපදෙස්
- —හිරු ප්‍රවෘත්ති සංස්කාරක මණ්ඩලය විසින් සත්‍යාපනය කරන ලදී.
- —අදාළ අංශ සහ පොලිස් වාර්තා මඟින් තහවුරු කර ඇත.
நிகழ்நேர பொதுப் பாதுகாப்பு மற்றும் நிர்வாக தாக்கங்களைக் கொண்ட அதிமுக்கிய செய்தி.
Hiru News (හිරු) செய்திப்பிரிவு மற்றும் தொடர்புடைய துறைகளின் அடுத்தகட்ட முடிவுகள் எதிர்பார்க்கப்படுகின்றன.
செய்தியறை கவரேஜ் ஸ்பெக்ட்ரம்
Ground News Styleசரிபார்க்கப்பட்டவை: 2 சுயாதீன செய்தியறைகள் across print, broadcast, and international agencies.
Hiru News (හිරු)
வெளியீட்டாளரின் தளத்தில் முழுமையான செய்தியை வாசித்து உண்மை ஊடகவியலுக்கு ஆதரவளியுங்கள்.
Cross-Publisher Reporting & Perspectives (1)
කොළඹ හදිසි ජල ගැලීම් සහ හදිසි තත්ත්වයන්ට මුහුණදීමට කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් ස්ථාපිත කිරීමට ජනාධිපති ලේකම්වරයාගෙන් උපදෙස්
வாசகர் கருத்துக்களம்
0நாகரீகமான, உண்மையின் அடிப்படையிலான வாசகர் பார்வை
அவதூறு மற்றும் தவறான தகவல்கள் தானாகவே வடிகட்டப்படும்.
Reporting: Hiru News (හිරු) • Synthesis & Multi-Source Indexing: Lanka Dispatch Wire Desk