බෙංගාල බොක්කේ පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙයි : පළාත් 7 කට තද වැසි සහ ප්රදේශ කිහිපයකට පැයට කි.මී. 40 - 50 දක්වා වූ තද සුළං

විධායක බුද්ධි තොරතුරු වාර්තාව
බෙංගාල බොක්ක මුහුදු ප්රදේශයේ වර්ධනය වන පීඩන අවපාතය හේතුවෙන් ඉදිරි දින කිහිපයේදී දිවයිනේ නිරිතදිග ප්රදේශයේ වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්රදේශයේ පැවති පීඩන අවපාතය මේ වන විට ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇති අතර, එය උතුරු අක්ෂාංශ 15.3 සහ නැගෙනහිර දේශාංශ 89.7 ආසන්නයේ කේන්ද්රගතව පවතිනවා.අද (26) මෙම පද්ධතිය තවදුරටත් වර්ධනය වී සුළි කුණාටුවක් බවට පත්වීමට ඉඩ ඇති අතර, හෙට දින වන විට එය බෙංගාල බොක්කේ බටහිර-මධ්යම මුහුදු ප්රදේශයේදී ප්රබල සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීමට ඉඩ ඇති බවයි කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.මෙම පද්ධතියේ සෘජු බලපෑමක් ශ්රී ලංකාවට නොමැති වුවද, ඊට ඇදී යන සුළං ප්රවාහය දිවයින හරහා පවතින බැවින් මෙම වැසි සහිත කාලගුණය ඇති විය හැකි විය හැකි බවත්, ඒ අනුව, උතුරු, බස්නාහිර, සබරගමුව, දකුණු, වයඹ, මධ්යම සහ උතුරුමැද පළාත්වල මෙන්ම ත්රිකුණාමලය දිස්ත්රික්කයේ ඇතැම් ස්ථානවලට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි සමඟ මි.මී. 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.එමෙන්ම, ඌව පළාතේ සහ අම්පාර, මඩකලපුව දිස්ත්රික්කවල පස්වරු 1.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් සඳහන්.තවද, මධ්යම කඳුකරයේ බටහිර බෑවුම් ප්රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත්, ත්රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර් 40-50 දක්වා වූ තද සුළං ඇතිවීමේ හැකියාවක් පවතින බවත් කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසනවා.
මූලික කරුණු සහ සාක්ෂි
- —බෙංගාල බොක්කේ පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙයි : පළාත් 7 කට තද වැසි සහ ප්රදේශ කිහිපයකට පැයට කි.මී. 40 - 50 දක්වා වූ තද සුළං
- —හිරු ප්රවෘත්ති සංස්කාරක මණ්ඩලය විසින් සත්යාපනය කරන ලදී.
- —අදාළ අංශ සහ පොලිස් වාර්තා මඟින් තහවුරු කර ඇත.
මූල්ය ස්ථාවරත්වය, මහ බැංකු ප්රතිපත්ති, වෙළඳපල ද්රවශීලතාව සහ විනිමය අනුපාත කෙරෙහි තීරණාත්මක බලපෑමක් ඇත.
Hiru News (හිරු) කොළඹ පුවත් කාමරය සහ අදාළ බලධාරීන් මගින් ඉදිරි ක්රියාමාර්ග නිරීක්ෂණය කෙරේ.
පුවත්පත් ආවරණ විෂය පථය
Ground News Styleතහවුරු කර ඇති මාධ්ය ගණන: 2 ස්වාධීන පුවත්පත් කාමර across print, broadcast, and international agencies.
Ad Space Reserved (LEADERBOARD)
Partner Inquiries: advertising@lankadispatch.comHiru News (හිරු)
ප්රකාශකයාගේ නිල වෙබ් අඩවියෙන් සම්පූර්ණ පුවත් වාර්තාව කියවා සැබෑ මාධ්යවේදයට සහාය වන්න.
Cross-Publisher Reporting & Perspectives (1)
බෙංගාල බොක්කේ පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙයි : පළාත් 7 කට තද වැසි සහ ප්රදේශ කිහිපයකට පැයට කි.මී. 40 - 50 දක්වා වූ තද සුළං
පාඨක අදහස් සහ සංවාදය
0නිරවුල්, ගෞරවනීය පාඨක අදහස් හා විග්රහයන්
ලංකා ඩිස්පැච් ආචාරධර්ම අනුව අපහාසාත්මක හෝ අසත්ය තොරතුරු ස්වයංක්රීයව පෙරහන් කෙරේ.
Ad Space Reserved (MULTIPLEX)
Partner Inquiries: advertising@lankadispatch.comReporting: Hiru News (හිරු) • Synthesis & Multi-Source Indexing: Lanka Dispatch Wire Desk