භික්ෂූන් වහන්සේලා බන්ධනාගාරගත කිරීමේදී සහ නිදහස් කිරීමේදී සිවුරු ඉවත් කිරීමේ නීති සංශෝධනය කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

විධායක බුද්ධි තොරතුරු වාර්තාව
යම් බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක සිරකරුවෙකු ලෙස බන්ධනාගාරගත කිරීමේදී හෝ බන්ධනාගාරයෙන් බැහැර කරනු ලබන අවස්ථාවලදී සිවුරු ඉවත් කිරීම සහ ඇඳුම් භාවිතය සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව උපදෙස් ඇතුළත් කරමින් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිත්ය නියෝග සංශෝධනය කර අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ආර්. ප්රසාද් හේමන්ත කුමාර විසින් අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්යවරයාගේ අනුමැතිය සහිතව බන්ධනාගාර ආඥාපනතේ හිමිව ඇති බලතල අනුවයි මෙම අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ.නව සංශෝධනයට අනුව, භික්ෂූන් වහන්සේ නමක සිරකරුවෙකු ලෙස බන්ධනාගාරගත කිරීමේදී උන්වහන්සේ එතෙක් ඇඳ සිටි සිවුරු ඉවත් කිරීම සම්බන්ධයෙන් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවෙන් විමසිය යුතු වෙනවා.ඉන්පසු බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව විසින් අදාළ නිකාය හෝ පාර්ශ්වය දැනුවත් කර, දින 10 ක් ඇතුළත එම නිකාය මඟින් ගන්නා ක්රියාමාර්ග බන්ධනාගාර කොමසාරිස්වරයා වෙත දැනුම් දිය යුතුයි.එකී කාලසීමාව තුළ ප්රතිචාරයක් නොලැබුණහොත් බන්ධනාගාර කොමසාරිස්වරයාට අදාළ විධිවිධාන අනුව කටයුතු කිරීමට හැකියාව පවතින බවත් එම ගැසට් නිවේදනයේ සඳහන්.එසේම, යම් බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක බන්ධනාගාරයෙන් බැහැර කරනු ලබන අවස්ථාවකදී (නිදහස් කිරීමේදී/අධිකරණයට ඉදිරිපත් කිරීමේදී), උන්වහන්සේ බන්ධනාගාරගත වන අවස්ථාවේ ඇඳ සිටි සිවුරු එලෙසින්ම ඇඳ සිටීමට අවසර හිමි වන අතර, අදාළ නිකායෙන් ඊට අනුමැතිය හිමිව නොමැති නම් ඒ සම්බන්ධයෙන් ද නියමිත විධිවිධාන ප්රකාරව කටයුතු කළ යුතු බව ගැසට් පත්රයේ සඳහන්.වෙනත් ආගම්වල පූජකවරයන් බන්ධනාගාරගත කිරීමේදී සහ බැහැර කිරීමේදී ද මෙම විධිවිධාන අවශ්ය වෙනස්කම් සහිතව අදාළ වන බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.
මූලික කරුණු සහ සාක්ෂි
- —භික්ෂූන් වහන්සේලා බන්ධනාගාරගත කිරීමේදී සහ නිදහස් කිරීමේදී සිවුරු ඉවත් කිරීමේ නීති සංශෝධනය කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්
- —හිරු ප්රවෘත්ති සංස්කාරක මණ්ඩලය විසින් සත්යාපනය කරන ලදී.
- —අදාළ අංශ සහ පොලිස් වාර්තා මඟින් තහවුරු කර ඇත.
පාර්ලිමේන්තු පාලනය, ආයතනික විනිවිදභාවය සහ ප්රතිපත්තිමය ක්රියාදාමයන් කෙරෙහි සෘජු බලපෑමක් එල්ල කරයි.
Hiru News (හිරු) කොළඹ පුවත් කාමරය සහ අදාළ බලධාරීන් මගින් ඉදිරි ක්රියාමාර්ග නිරීක්ෂණය කෙරේ.
පුවත්පත් ආවරණ විෂය පථය
Ground News Styleතහවුරු කර ඇති මාධ්ය ගණන: 2 ස්වාධීන පුවත්පත් කාමර across print, broadcast, and international agencies.
Ad Space Reserved (LEADERBOARD)
Partner Inquiries: advertising@lankadispatch.comHiru News (හිරු)
ප්රකාශකයාගේ නිල වෙබ් අඩවියෙන් සම්පූර්ණ පුවත් වාර්තාව කියවා සැබෑ මාධ්යවේදයට සහාය වන්න.
Cross-Publisher Reporting & Perspectives (1)
භික්ෂූන් වහන්සේලා බන්ධනාගාරගත කිරීමේදී සහ නිදහස් කිරීමේදී සිවුරු ඉවත් කිරීමේ නීති සංශෝධනය කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්
පාඨක අදහස් සහ සංවාදය
0නිරවුල්, ගෞරවනීය පාඨක අදහස් හා විග්රහයන්
ලංකා ඩිස්පැච් ආචාරධර්ම අනුව අපහාසාත්මක හෝ අසත්ය තොරතුරු ස්වයංක්රීයව පෙරහන් කෙරේ.
Ad Space Reserved (MULTIPLEX)
Partner Inquiries: advertising@lankadispatch.comReporting: Hiru News (හිරු) • Synthesis & Multi-Source Indexing: Lanka Dispatch Wire Desk