ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාරගේ ඥාතියෙකුගේ ඉඩමේ ගංජා වැටලීමේ සිද්ධිය : හිටපු පොලිස් කොස්තාපල් සුසන්ත නිදහස්

විධායක බුද්ධි තොරතුරු වාර්තාව
රත්නපුර දිස්ත්‍රික් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාරගේ ඥාතියෙකුට අයත් බව කියන ඉඩමක තිබූ ගංජා වගාවක් වැටලීමේ සිද්ධියකට අදාළව පැවති නඩුවකින් සූරියකන්ද පොලිසියේ හිටපු පොලිස් කොස්තාපල් සුසන්ත හෙට්ටිආරච්චි නිදහස් කිරීමට ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණය අද (02) නියෝග කර තිබෙනවා.ඇඹිලිපිටිය කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන අංශය විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබූ මෙම පැමිණිල්ලෙන් සැකකරු මුදාහැරීමට අධිකරණයෙන් නියෝග නිකුත් වූයේ අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 123 වගන්ති ප්‍රකාරව බවට කියැවිණි.ඒ, මෙම සිද්ධියට අදාලව අද (02) දිනයේ චෝදනා ගොනු කිරීමට අධිකරණයෙන් නියෝග කර තිබූ අවස්ථාවකයි.ඇඹිලිපිටිය කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන අංශය විසින් මෙම සැකකරුට එරෙහිව අයුතු අවහිරය, සාපරාධී බලහත්කාරය පෑම, සාපරාධී බියගැන්වීම ඇතුළු චෝදනා 03ක් යටතේ අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබුණා.සැකකරු වෙනුවෙන් නීතිඥ පුංචිහේවා පෙනී සිටිමින් කරුණු ඉදිරිපත් කළා.
මූලික කරුණු සහ සාක්ෂි
- —ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාරගේ ඥාතියෙකුගේ ඉඩමේ ගංජා වැටලීමේ සිද්ධිය: හිටපු පොලිස් කොස්තාපල් සුසන්ත නිදහස්
- —හිරු ප්රවෘත්ති සංස්කාරක මණ්ඩලය විසින් සත්‍යාපනය කරන ලදී.
- —අදාළ අංශ සහ පොලිස් වාර්තා මඟින් තහවුරු කර ඇත.
පාර්ලිමේන්තු පාලනය, ආයතනික විනිවිදභාවය සහ ප්‍රතිපත්තිමය ක්‍රියාදාමයන් කෙරෙහි සෘජු බලපෑමක් එල්ල කරයි.
Hiru News (හිරු) කොළඹ පුවත් කාමරය සහ අදාළ බලධාරීන් මගින් ඉදිරි ක්‍රියාමාර්ග නිරීක්ෂණය කෙරේ.
පුවත්පත් ආවරණ විෂය පථය
Ground News Styleතහවුරු කර ඇති මාධ්‍ය ගණන: 2 ස්වාධීන පුවත්පත් කාමර across print, broadcast, and international agencies.
Hiru News (හිරු)
ප්රකාශකයාගේ නිල වෙබ් අඩවියෙන් සම්පූර්ණ පුවත් වාර්තාව කියවා සැබෑ මාධ්‍යවේදයට සහාය වන්න.
Cross-Publisher Reporting & Perspectives (1)
ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාරගේ ඥාතියෙකුගේ ඉඩමේ ගංජා වැටලීමේ සිද්ධිය : හිටපු පොලිස් කොස්තාපල් සුසන්ත නිදහස්
පාඨක අදහස් සහ සංවාදය
0නිරවුල්, ගෞරවනීය පාඨක අදහස් හා විග්රහයන්
ලංකා ඩිස්පැච් ආචාරධර්ම අනුව අපහාසාත්මක හෝ අසත්‍ය තොරතුරු ස්වයංක්‍රීයව පෙරහන් කෙරේ.
Reporting: Hiru News (හිරු) • Synthesis & Multi-Source Indexing: Lanka Dispatch Wire Desk