හිටපු අමාත්ය විජයදාස රාජපක්ෂගේ පුත් රඛිත රාජපක්ෂගේ බැංකු ගිණුම් සහ සුඛෝපභෝගී වාහන කිහිපයක් අත්හිටුවයි

විධායක බුද්ධි තොරතුරු වාර්තාව
හිටපු අධිකරණ අමාත්ය විජයදාස රාජපක්ෂගේ පුත්රයා වන නීතිඥ රඛිත රාජපක්ෂට අයත් බැංකු ගිණුම් කිහිපයක් සහ සුඛෝපභෝගී වාහන කිහිපයක් අත්හිටුවීමට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම පියවර ගෙන තිබෙනවා.2025 අංක 5 දරණ අපරාධයකින් උත්පාදිත දේ පිළිබද පනත ප්රකාරව මෙම දේපල අත්හිටුවීමට පියවර ගත් බවයි එම කොමිසමේ ජ්යෙෂ්ඨ නිලධාරියකු පැවසුවේ.සංවිධානාත්මක අපරාධකරුවකුට පහසුකම් සැලසීම සඳහා ඔහුගේ බිරිඳගෙන් රුපියල් කෝටි 12ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගැනීමේ සිද්ධියට අදාලව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මෙම සැකකාර රඛිත රාජපක්ෂට එරෙහිව කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණයේ කරුණු වාර්තා කර තිබුණා.ඒ අනුව මෙම සිද්ධියේ පළමු සැකකරු ලෙස රඛිත රාජපක්ෂ, දෙවැනි සැකකරු ලෙස චරිත අබේසිංහ සහ තෙවැනි සැකකරු ලෙස වරුණ හැන්දිගේ අරුණ චතුරංග යන අයවලුන් රක්ෂිත බන්ධනාගාර ගත කර මේ වන විට ඇප මත සිටිනවා.අදාළ ගිණුම් සහ වාහන අත්හිටුවීමට අදාළ නොතීසිය භාර දීම සඳහා කොමිෂන් සභාවේ නිලධාරීන් පිරිසක් අද (29) ඔහුගේ නිවසට ගොස් එය භාරදී තිබෙනවා.
මූලික කරුණු සහ සාක්ෂි
- —හිටපු අමාත්ය විජයදාස රාජපක්ෂගේ පුත් රඛිත රාජපක්ෂගේ බැංකු ගිණුම් සහ සුඛෝපභෝගී වාහන කිහිපයක් අත්හිටුවයි
- —හිරු ප්රවෘත්ති සංස්කාරක මණ්ඩලය විසින් සත්යාපනය කරන ලදී.
- —අදාළ අංශ සහ පොලිස් වාර්තා මඟින් තහවුරු කර ඇත.
පාර්ලිමේන්තු පාලනය, ආයතනික විනිවිදභාවය සහ ප්රතිපත්තිමය ක්රියාදාමයන් කෙරෙහි සෘජු බලපෑමක් එල්ල කරයි.
Hiru News (හිරු) කොළඹ පුවත් කාමරය සහ අදාළ බලධාරීන් මගින් ඉදිරි ක්රියාමාර්ග නිරීක්ෂණය කෙරේ.
පුවත්පත් ආවරණ විෂය පථය
Ground News Styleතහවුරු කර ඇති මාධ්ය ගණන: 2 ස්වාධීන පුවත්පත් කාමර across print, broadcast, and international agencies.
Hiru News (හිරු)
ප්රකාශකයාගේ නිල වෙබ් අඩවියෙන් සම්පූර්ණ පුවත් වාර්තාව කියවා සැබෑ මාධ්යවේදයට සහාය වන්න.
Cross-Publisher Reporting & Perspectives (1)
හිටපු අමාත්ය විජයදාස රාජපක්ෂගේ පුත් රඛිත රාජපක්ෂගේ බැංකු ගිණුම් සහ සුඛෝපභෝගී වාහන කිහිපයක් අත්හිටුවයි
පාඨක අදහස් සහ සංවාදය
0නිරවුල්, ගෞරවනීය පාඨක අදහස් හා විග්රහයන්
ලංකා ඩිස්පැච් ආචාරධර්ම අනුව අපහාසාත්මක හෝ අසත්ය තොරතුරු ස්වයංක්රීයව පෙරහන් කෙරේ.
Reporting: Hiru News (හිරු) • Synthesis & Multi-Source Indexing: Lanka Dispatch Wire Desk