Saturday, November 7, 2026
සජීවී පුවත්·Just now
Edition:

LANKADISPATCH

ශ්‍රී ලංකාවේ ස්වාධීන බුද්ධි සහ පුවත් සම්පිණ්ඩනය

🇱🇰 Sri Lankabreaking/Hiru News (හිරු)•3 min read

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි - විපක්ෂ නායක සජිත්

වාර්තාකරණය: Hiru News (හිරු)
Saturday, November 7, 2026 at 05:09 PM
082
වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි - විපක්ෂ නායක සජිත්
Verified Wire Dispatch PhotoHiru News (හිරු)
Photo credit: Hiru News (හිරු) editorial wire

විධායක බුද්ධි තොරතුරු වාර්තාව

Gemini 2.0 Flash මගින් සම්පාදිත ස්වාධීන සංස්කාරක විශ්ලේෂණය
මූලික සිදුවීම සහ පසුබිම

“වසර 2යි රටට සුබයි” යන තේමාවෙන් රජය රට පුරා රැස්වීම් මාලාවක් පවත්වමින් සිටියද, මේ වනවිට “වසර 2යි රටට සුබයි, මුළු කොළඹම ගලයි” යනුවෙන් පැවසීමට සිදුව ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.ඔහු මේ බව සඳහන් කළේ අද (07) කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත ආසනයේ පැවති සමගි තරුණ බල මණ්ඩල පිහිටුවීමේ අවස්ථාවට එක්වෙමින්.ජනාධිපතිවරයා නව වැව් ඉදිකරන බව පැවසුවද, ඊයේ ඇති වූ වර්ෂාවත් සමඟ මුළු කොළඹ නගරයම ජලාශයක් බවට පත්වූ බවයි විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේ.කොළඹ නගර සභාවේ බලය ලබාගැනීමේදී මාස හයක් ඇතුළත මුළු කොළඹම බබළවන බවට පොරොන්දු වූවත්, නගරයේ කාණු පද්ධති පිරිසිදු කිරීම සහ ප්‍රතිසංස්කරණය කිරීම නිසි ලෙස සිදුකර නොමැති බව ඊයේ (06) රාත්‍රියේදී හෙළි වූ බවද ඔහු සඳහන් කළා.ජනාධිපතිවරයාට, අග්‍රාමාත්‍යවරියට, ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් 159 දෙනාට සහ නගරාධිපතිනියට පමණක් පුනරුදය ලැබී ඇති නමුත් ජනතාවට එය හිමි වී නොමැති බවත්, සුරපුරයක් නිර්මාණය කරන බව පවසා බලයට පැමිණි ආණ්ඩුවේ ක්‍රියාකලාපය හේතුවෙන් එක් වැස්සකින් ජන ජීවිත රැසක් විනාශ වූ බවත් විපක්ෂ නායකවරයා චෝදනා කළා.කොළඹ නගරයේ කාණු පද්ධති පිළිසකර කර ගංවතුර කළමනාකරණ වැඩපිළිවෙළක් සකස් කළ යුතුව තිබුණත්, ආණ්ඩුව එය සිදුකර නොමැති බවයි සජිත් ප්‍රේමදාස පවසන්නේ.ඉදිරියේදී නියඟ තත්ත්ව මෙන්ම තද වැසි ද ඇතිවිය හැකි බවත්, එල්නීනෝ සහ ලා නිනා සංසිද්ධිවල බලපෑම් තවදුරටත් ඇතිවිය හැකි බවටත් පූර්ව අනතුරු ඇඟවීම් ලැබී තිබියදී ජල කළමනාකරණය සහ කාණු පද්ධති නඩත්තුව නිසි ලෙස සිදු කිරීමට ආණ්ඩුව අසමත් වී ඇති බව ඔහු සඳහන් කළා.විධායක ජනාධිපති ධුරය, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය සහ ජාතික ජන බලවේගයේ නගරාධිපතිනියක් ද සිටියදී කොළඹ නගරයේ ජල කළමනාකරණය නිසි ලෙස සිදුකිරීමට නොහැකි නම් රට ගොඩනඟන්නේ කෙසේදැයි ඔහු ප්‍රශ්න කළා.මේ වනවිට ජනතාව ආණ්ඩුවට එරෙහිව නැඟී සිටින බවත්, මැතිවරණ සමයේ ලබාදුන් පොරොන්දු ඉටු නොවීම හේතුවෙන් ජනතාව විරෝධතා සඳහා මාර්ගයට බැස ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසුවා.එවැනි තත්ත්වයක් හමුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ආණ්ඩුව ජනතාවගේ මූලික හා මානව අයිතිවාසිකම් මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ද උල්ලංඝනය වන ආකාරයේ නව පනත් ගෙන ඒමට කටයුතු කරන බවට ඔහු චෝදනා කළා.ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතක් ලෙස හඳුන්වා දෙන පනතේ සැබෑ අරමුණ ජනතාවගෙන් ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ආරක්ෂා කර ගැනීම බවට ද විපක්ෂ නායකවරයා චෝදනා කළා.සංවිධානාත්මක අපරාධ වැළැක්වීම සඳහා පනත් ගෙන ඒමට සූදානම් වන ආණ්ඩුවම මැතිවරණ සමයේ ලබාදුන් පොරොන්දු ඉටු නොකරමින් රටට සංවිධානාත්මකව හානි සිදුකරන බවද ඔහු ප්‍රකාශ කළා.මේ වනවිට කර්මාන්තශාලා පවා වැසී යන තත්ත්වයක් මතුව ඇති බවත්, ලෝකය ඩිජිටල් තාක්ෂණයෙන් ඉදිරියට යද්දී ශ්‍රී ලංකාව තවමත් එක තැන පල්වෙමින් සිටින බවත් ඔහු සඳහන් කළා. සුහුරු අධ්‍යාපනය පිළිබඳ කතා කළද එය පවා රට තුළ නිසි ලෙස ක්‍රියාත්මක නොවන බවයි ඔහුගේ අදහස වුණේ.ශ්‍රී ලංකාවට මේ වනවිට මූල්‍ය නිදහසක් නොමැති බවත්, මූල්‍ය ගැටලුවක් ඇති වූ සෑම අවස්ථාවකදීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) වෙත යාමට සිදුව ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසුවා.බහුපාර්ශ්වීය සහ ද්විපාර්ශ්වීය ණය මෙන්ම ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර හරහා ලබාගත් ණය ද රටට පවතින බව සඳහන් කළ ඔහු, 2028 වසරේ සිට වසරකට ඇමෙරිකානු ඩොලර් බිලියන 3 බැගින් ණය ගෙවීමට සිදුවන බවද ප්‍රකාශ කළා.2027 මාර්තු මාසය වනවිට IMF ගිවිසුම අවසන් වන බවත්, 2028 වසරේ සිට ඩොලර් බිලියන 3කට වැඩි ණය මුදලක් ගෙවීමට සිදුවන පසුබිමක ආර්ථික වර්ධනය, සෘජු විදේශ ආයෝජන සහ අපනයන වර්ධනය සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බවත් ඔහු පෙන්වා දුන්නා.දේශපාලනඥයන් ක්‍රියාත්මක කළ නොහැකි බලාපොරොත්තු ඇති කිරීම හේතුවෙන් තරුණ පරපුර ඇතුළු ජනතාව මිලියන 22ක් පමණ රැවටීමට ලක්ව ඇති බවත්, තරුණයන් බොහෝ අවස්ථාවල ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන තරගවල ගොදුරු බවට පත්වන බවත් විපක්ෂ නායකවරයා පැවසුවා.මෙවැනි තත්ත්වයක් වෙනස් කිරීම සඳහා සමගි ජන බලවේගය තරුණයන්ගේ දක්ෂතා, හැකියාවන් සහ නිපුණතා මත ඉදිරියට යා හැකි පරිසරයක් නිර්මාණය කිරීමට සමාජ ගිවිසුමක් ඇති කරන බවද ඔහු සඳහන් කළා.රාජ්‍ය බලය නොමැතිව රට වෙනුවෙන් වැඩ කළ එකම දේශපාලන පක්ෂය සමගි ජන බලවේගය බවට ද ඔහු ප්‍රකාශයක් කළා.දේශපාලන හිතවත්කම් සහ ගජමිතුරු සබඳතා වෙනුවට තරුණයන්ට තමන්ගේ කුසලතා හා දක්ෂතා මත ප්‍රගතියේ ඉහළටම යා හැකි අවස්ථා නිර්මාණය කළ යුතු බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් අවධාරණය කළේ.

මූලික කරුණු සහ සාක්ෂි

  • —වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි - විපක්ෂ නායක සජිත්
  • —හිරු ප්‍රවෘත්ති සංස්කාරක මණ්ඩලය විසින් සත්‍යාපනය කරන ලදී.
  • —අදාළ අංශ සහ පොලිස් වාර්තා මඟින් තහවුරු කර ඇත.
මෙය වැදගත් වන්නේ ඇයි?

සජීවී මහජන, පරිපාලන සහ ආයතනික ක්ෂේත්‍ර කෙරෙහි සෘජු අවධානය යොමු විය යුතු උණුසුම් පුවතකි.

ඉදිරි අපේක්ෂාවන්

Hiru News (හිරු) කොළඹ පුවත් කාමරය සහ අදාළ බලධාරීන් මගින් ඉදිරි ක්‍රියාමාර්ග නිරීක්ෂණය කෙරේ.

පුවත් සංක්ෂිප්තය බෙදාගන්නLanka Dispatch Wire

පුවත්පත් ආවරණ විෂය පථය

Ground News Style

තහවුරු කර ඇති මාධ්‍ය ගණන: 2 ස්වාධීන පුවත්පත් කාමර across print, broadcast, and international agencies.

Standard Corroboration
මාධ්‍ය විවිධත්ව දර්ශකය2 Outlets Tracking
National Broadcasters
1
Independent Print
0
Wires & Financial
0
මූලික පුවත

Hiru News (හිරු)

ප්‍රකාශකයාගේ නිල වෙබ් අඩවියෙන් සම්පූර්ණ පුවත් වාර්තාව කියවා සැබෑ මාධ්‍යවේදයට සහාය වන්න.

සම්පූර්ණ පුවත කියවන්න
✓ශ්‍රී ලංකා බුද්ධිමය දේපළ පනතේ 12 වන වගන්තිය යටතේ සාරාංශගත කර ඇතhirunews.lk

Cross-Publisher Reporting & Perspectives (1)

Hiru News (හිරු)Live Dispatch

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි - විපක්ෂ නායක සජිත්

පාඨක අදහස් සහ සංවාදය

0

නිරවුල්, ගෞරවනීය පාඨක අදහස් හා විග්‍රහයන්

ලංකා ඩිස්පැච් ආචාරධර්ම අනුව අපහාසාත්මක හෝ අසත්‍ය තොරතුරු ස්වයංක්‍රීයව පෙරහන් කෙරේ.

0 / 500 charactersTrilingual civil moderation active

Reporting: Hiru News (හිරු) • Synthesis & Multi-Source Indexing: Lanka Dispatch Wire Desk