කුඩාවැල්ල ධීවර වරායෙන් මුහුදු ගොස් අතුරුදන් වූ ධීවරයින් සිව්දෙනා පොතුවිල් සිට නාවික සැතපුම් 200 ක් දුරින් ගැඹුරු මුහුදේ සිටියදී නිරුපද්රිතව සොයා ගැනේ

විධායක බුද්ධි තොරතුරු වාර්තාව
‘අර්නාබ්’ සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් මුහුදේදී සන්නිවේදන සබඳතා බිඳ වැටී අතුරුදන්ව සිටි කුඩාවැල්ලේ ධීවර යාත්රාවක් සහ එහි ගමන් කළ ධීවරයින් සිව්දෙනා නිරුපද්රිතව සොයාගෙන තිබෙනවා. මෙම ධීවර යාත්රාව පොතුවිල් වෙරළ තීරයේ සිට නාවික සැතපුම් 200ක් පමණ දුරින් වූ ගැඹුරු මුහුදේදී සොයාගෙන ඇති බවයි ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්යාංශය සඳහන් කළේ.සිව්දින ධීවර කටයුත්තක් සඳහා පසුගිය ඔක්තෝබර් 21 වැනිදා කුඩාවැල්ල ධීවර වරායෙන් මුහුදු ගිය මෙම යාත්රාවේ ඩබ්ලිව්. පී. ප්රියන්ත, පී. බී. නිමල්සිරි, එල්. වයි. නෞෂ්ක සහ යාත්රා හිමිකරු වන කේ. එච්. සවිඳු යන ධීවරයින් ගමන් කර තිබෙනවා.‘අර්නාබ්’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ තද සුළං සහ රළු මුහුදු තත්ත්වයට මුහුණ දීමෙන් පසු යාත්රාවට සහ ගොඩබිමට තිබූ සියලු සන්නිවේදන සබඳතා බිඳ වැටී ඇති බවයි වාර්තා වන්නේ.ඒ සම්බන්ධයෙන් ධීවර දෙපාර්තමේන්තුවේ සෙවීම් සහ මුදාගැනීමේ සම්බන්ධීකරණ මධ්යස්ථානයට තොරතුරු ලැබීමත් සමඟ ශ්රී ලංකා නාවික හමුදාව, වෙරළාරක්ෂක බලකාය සහ එම මුහුදු කලාපයේ ගමන් කළ අනෙකුත් ධීවර යාත්රා එක්කරගනිමින් විශේෂ සෙවීමේ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.එම ඒකාබද්ධ මෙහෙයුමේ ප්රතිඵලයක් ලෙස අතුරුදන්ව සිටි යාත්රාව සහ ධීවරයින් සිව්දෙනා සොයාගැනීමට හැකි වී ඇති අතර, ඔවුන් මේ වනවිට ආරක්ෂිතව ගොඩබිමට රැගෙන ඒමට කටයුතු කරමින් පවතින බව අමාත්යාංශය සඳහන් කරනවා.එම ධීවරයින් සිව්දෙනාම යහපත් සෞඛ්ය තත්ත්වයෙන් පසුවන බවත්, ඔවුන්ට අවශ්ය මූලික වෛද්ය පරීක්ෂණ සහ ප්රථමාධාර ලබාදීමට කටයුතු සූදානම් කර ඇති බවත් අමාත්යාංශය වැඩිදුරටත් දැනුම් දෙනවා.එමෙන්ම ඉදිරියේදී මුහුදු යන සියලුම ධීවරයින් කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව සහ ධීවර දෙපාර්තමේන්තුව නිකුත් කරන කාලගුණ අනතුරු ඇඟවීම් පිළිබඳව අවධානයෙන් සිටින ලෙසත්, මුහුදු යාමට පෙර සන්නිවේදන උපකරණ නිසි ලෙස ක්රියාත්මක වන බව තහවුරු කරගන්නා ලෙසත් ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්යාංශය අවධාරණය කරනවා.
මූලික කරුණු සහ සාක්ෂි
- —කුඩාවැල්ල ධීවර වරායෙන් මුහුදු ගොස් අතුරුදන් වූ ධීවරයින් සිව්දෙනා පොතුවිල් සිට නාවික සැතපුම් 200 ක් දුරින් ගැඹුරු මුහුදේ සිටියදී නිරුපද්රිතව සොයා ගැනේ
- —හිරු ප්රවෘත්ති සංස්කාරක මණ්ඩලය විසින් සත්යාපනය කරන ලදී.
- —අදාළ අංශ සහ පොලිස් වාර්තා මඟින් තහවුරු කර ඇත.
මූල්ය ස්ථාවරත්වය, මහ බැංකු ප්රතිපත්ති, වෙළඳපල ද්රවශීලතාව සහ විනිමය අනුපාත කෙරෙහි තීරණාත්මක බලපෑමක් ඇත.
Hiru News (හිරු) කොළඹ පුවත් කාමරය සහ අදාළ බලධාරීන් මගින් ඉදිරි ක්රියාමාර්ග නිරීක්ෂණය කෙරේ.
පුවත්පත් ආවරණ විෂය පථය
Ground News Styleතහවුරු කර ඇති මාධ්ය ගණන: 2 ස්වාධීන පුවත්පත් කාමර across print, broadcast, and international agencies.
Hiru News (හිරු)
ප්රකාශකයාගේ නිල වෙබ් අඩවියෙන් සම්පූර්ණ පුවත් වාර්තාව කියවා සැබෑ මාධ්යවේදයට සහාය වන්න.
Cross-Publisher Reporting & Perspectives (1)
කුඩාවැල්ල ධීවර වරායෙන් මුහුදු ගොස් අතුරුදන් වූ ධීවරයින් සිව්දෙනා පොතුවිල් සිට නාවික සැතපුම් 200 ක් දුරින් ගැඹුරු මුහුදේ සිටියදී නිරුපද්රිතව සොයා ගැනේ
පාඨක අදහස් සහ සංවාදය
0නිරවුල්, ගෞරවනීය පාඨක අදහස් හා විග්රහයන්
ලංකා ඩිස්පැච් ආචාරධර්ම අනුව අපහාසාත්මක හෝ අසත්ය තොරතුරු ස්වයංක්රීයව පෙරහන් කෙරේ.
Reporting: Hiru News (හිරු) • Synthesis & Multi-Source Indexing: Lanka Dispatch Wire Desk