Wednesday, November 4, 2026
සජීවී පුවත්·Just now
Edition:

LANKADISPATCH

ශ්‍රී ලංකාවේ ස්වාධීන බුද්ධි සහ පුවත් සම්පිණ්ඩනය

🇱🇰 Sri Lankapolitics/Hiru News (හිරු)•3 min read

හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පිරිසකට එරෙහි බාල බෙහෙත් නඩුවේ විභාගය අවසන්

වාර්තාකරණය: Hiru News (හිරු)
Wednesday, November 4, 2026 at 01:30 PM
0112
හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පිරිසකට එරෙහි බාල බෙහෙත් නඩුවේ විභාගය අවසන්
Verified Wire Dispatch PhotoHiru News (හිරු)
Photo credit: Hiru News (හිරු) editorial wire

විධායක බුද්ධි තොරතුරු වාර්තාව

Gemini 2.0 Flash මගින් සම්පාදිත ස්වාධීන සංස්කාරක විශ්ලේෂණය
මූලික සිදුවීම සහ පසුබිම

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් මාත්‍රා මිලදී ගැනීමේ සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනුකර ඇති නඩුවේ විභාගය ස්ථිර ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අද (04) අවසන් කළා. ඒ අනුව ලිඛිත දේශන නොවැම්බර් 25 දින කැඳවිමට ද වාචික දේශන නොවැම්බර් 30 දින කැඳවිමට අධිකරණයෙන් දින නියම කළා.නඩුවේ විත්ති වාචික වීමසිම ද ඊයේ දින (03) අවසන් කළා.නඩුවේ විත්ති වාචකය කැඳවීම ඉකුත් 29 වැනිදා ආරම්භ කළ අතර අධිකරණය මඟ හැර සිටින 09 වන විත්තිකරු හැර අනෙක් විත්තිකරුවන් සියලුම දෙනා විත්තිකුඩුවේ සිට සිය විත්තිවාචික ඉදිරිපත් කළා.හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් සහ රිටොක්සිමැබ් නමැති ඖෂධ නොවන වෙනත් ද්‍රව්‍ය කුප්පි 6,195ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සපයා ශ්‍රී ලංකා ජනරජයේ මුදල් රුපියල් ලක්ෂ 1,444ක් වංක ලෙස ව්‍යපහරණය කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ එම මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම ඇතුළු අධි චෝදනා දහතුනක් (13) යටතේ විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව මහාධිකරණය හමුවේ ගොනුකර තිබෙනවා.නඩුවේ සාක්ෂිකරුවන් ලෙස පුද්ගලයන් 350 දෙනෙකු හා නඩු භාණ්ඩ 300 ආසන්න සංඛ්‍යාවක් පැමිණිල්ල විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වූ බව කියන අයිසොලෙස් බයෝටෙක් ෆාමා සමාගමේ හිමිකරු වන සුගත් ජනක ප්‍රනාන්දු, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක, වෛද්‍ය සැපයුම් අංශයේ සහකාර අධ්‍යක්‍ෂ ශාන්තිනී සොලමන්, ගණකාධිකාරී නෙරාන් ධනංජය, තොග පාලක සුජිත් කුමාර, සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, වෛද්‍ය සැපයුම් ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේරත් මුදියන්සේලාගේ ධර්මසිරි රත්නකුමාර හේරත්, හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ප්‍රසම්පාදන කමිටු සාමාජික වෛද්‍ය ජයනාත් බුත්පිටිය (අධිකරණය මගහැර විදේශගත වී ඇත), සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්‍ෂවරයෙකු වන වෛද්‍ය අරඹේගෙදර තුසිත සුදර්ශන සහ ඖෂධ නියාමන අධිකාරියේ හිටපු සභාපති විජිත් ගුණසේකර නමැති අය මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස නම් කර ඇත.2023 ඔක්තෝබර් මස අල්ලස දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයේ සභාපති කමන්ත තුෂාර මහතා විසින් මේ පිළිබඳව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට සහ අල්ලස් කොමිසමට කරන ලද පැමිණිලි වලට අනුව 2023 ඔක්තෝබර් 13 වැනි දා සිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ අතර අනතුරුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කර තිබුණා.එලෙස මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමෙන් පසු සිදු කරන ලද සියලු විමර්ශනයන් අවසන් කිරීමෙන් අනතුරුව පසුගිය පෙබරවාරි මස 06 වන දින විමර්ශනයන් වල උදෘත නීතිපතිවරයා වෙත යොමු කර ඇති අතර ඒ අනුව නීතිපතිවරයා විසින් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණයේ හමුවේ මෙම විත්තිකරුවන්ට එරෙහිව අධි චෝදනා ගොනු කළ අතර ඉකුත් වසරේ සැප්තැම්බර් මස 16 වැනිදා විත්තිකරුවන්ට අධිචෝදනා පත්‍ර භාර දීම සිදු කළා.ඉන් අනතුරුව අද (04) දක්වා නඩුව දිනපතා විභාග කළා.නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම නීතිපතිවරයා වෙනුවෙන් පැමිණිල්ල මෙහෙය වනු ලැබුවා.

මූලික කරුණු සහ සාක්ෂි

  • —හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පිරිසකට එරෙහි බාල බෙහෙත් නඩුවේ විභාගය අවසන්
  • —හිරු ප්‍රවෘත්ති සංස්කාරක මණ්ඩලය විසින් සත්‍යාපනය කරන ලදී.
  • —අදාළ අංශ සහ පොලිස් වාර්තා මඟින් තහවුරු කර ඇත.
මෙය වැදගත් වන්නේ ඇයි?

පාර්ලිමේන්තු පාලනය, ආයතනික විනිවිදභාවය සහ ප්‍රතිපත්තිමය ක්‍රියාදාමයන් කෙරෙහි සෘජු බලපෑමක් එල්ල කරයි.

ඉදිරි අපේක්ෂාවන්

Hiru News (හිරු) කොළඹ පුවත් කාමරය සහ අදාළ බලධාරීන් මගින් ඉදිරි ක්‍රියාමාර්ග නිරීක්ෂණය කෙරේ.

පුවත් සංක්ෂිප්තය බෙදාගන්නLanka Dispatch Wire

පුවත්පත් ආවරණ විෂය පථය

Ground News Style

තහවුරු කර ඇති මාධ්‍ය ගණන: 2 ස්වාධීන පුවත්පත් කාමර across print, broadcast, and international agencies.

Standard Corroboration
මාධ්‍ය විවිධත්ව දර්ශකය2 Outlets Tracking
National Broadcasters
1
Independent Print
0
Wires & Financial
0
මූලික පුවත

Hiru News (හිරු)

ප්‍රකාශකයාගේ නිල වෙබ් අඩවියෙන් සම්පූර්ණ පුවත් වාර්තාව කියවා සැබෑ මාධ්‍යවේදයට සහාය වන්න.

සම්පූර්ණ පුවත කියවන්න
✓ශ්‍රී ලංකා බුද්ධිමය දේපළ පනතේ 12 වන වගන්තිය යටතේ සාරාංශගත කර ඇතhirunews.lk

Cross-Publisher Reporting & Perspectives (1)

Hiru News (හිරු)Live Dispatch

හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පිරිසකට එරෙහි බාල බෙහෙත් නඩුවේ විභාගය අවසන්

පාඨක අදහස් සහ සංවාදය

0

නිරවුල්, ගෞරවනීය පාඨක අදහස් හා විග්‍රහයන්

ලංකා ඩිස්පැච් ආචාරධර්ම අනුව අපහාසාත්මක හෝ අසත්‍ය තොරතුරු ස්වයංක්‍රීයව පෙරහන් කෙරේ.

0 / 500 charactersTrilingual civil moderation active

Reporting: Hiru News (හිරු) • Synthesis & Multi-Source Indexing: Lanka Dispatch Wire Desk